මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උතුරු මහගම “ශක්ති ප්‍රජා මූල සංවිධානය” විසින් පවත්වා ගෙන යන ජල යෝජනා ක්‍රමයේ නිලධාරීන් විසින් සිදු කර ඇති බව කියන මහා පරිමාණ මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් හලාවත කොට්ඨාස වංචා විමර්ශණ අංශය විසින් විමර්ශණයක් ආරම්භ කර ඇත.
2014 වසරේ සිට මේ දක්වා සිදුවී ඇති බව කියන මුල්‍ය වංචාව රුපියල් ලක්ෂ 27 ක් පමණ වන බව මෙම ලියුම්කරු විසින් කරන ලද සොයා බැලීමකදී අනාවරණය විය.
මාදම්පේ – උතුරු මහගම පදිංචි ආර්.ඒ.චමින්ද පුෂ්ප කුමාර මහතා විසින් සිදු කර ඇති පැමිණිල්ලකට අනුව හලාවත කොට්ඨාස වංචා විමර්ශණ අංශය විසින් මෙම විමර්ශණය ආරම්භ කර ඇත.
පවුල් 160 කට පානීය ජලය ලබා දීමේ අරමුණ ඇතිව “නෙතු දිය දහර ප්‍රජා මූල සංවිධානය” ලෙස මෙම ජල ව්‍යපෘතිය 2014 වසරේදී මුලින්ම ආරම්භ වී ඇත. ප්‍රදේශයේ දේශපාලකයෙකු වූ (හිටපු රාජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා) විසින් තම විමධ්‍යගත අය – වැය යටතේ ලබා දුන රුපියල් ලක්ෂ 07 ක මුදලක් වැය කර පානීය ජලය ලබා ගැනීම සදහා ළිද කැණීම පළමු කටයුත්ත ලෙස සිදු කර ඇත.2015 වසරේ ක්‍රියාත්මක වූ “දොරින් දොර” වැඩ සටහන යටතේ රුපියල් ලක්ෂ 10 ක මුදලක්ද,2017 වසරේ ක්‍රියාත්මක වූ “ග්‍රාමීය යටිලත පහසුකම් සංවර්ධන” වැඩ සටහන යටතේ රුපියල් 14,96,250 ක මුදලක්ද මෙම ජල ව්‍යාපෘතිය සදහා ලැබී ඇත.එමෙන්ම2018 වසරේ ක්‍රියාත්මක වූ “ග්‍රාම ශක්ති” වැඩ සටහන යටතේ තවත් රුපියල් 1,93,010 ක මුදලක්ද මෙම ව්‍යාපෘතියට ලැබී ඇත.
මීට අමතරව ජල නල එළීම සදහා කාණු කැපීමට යැයි පවසා ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් 2018 මාර්තු මස 16 වැනිදා රුපියල් 49,000 ක් සහ 2018 අප්‍රියල් මස 02 වැනිදා රුපියල් 1,94,000 ක මුදලක්ද ශක්ති ප්‍රජා මූල සංවිධානයට පරිත්‍යාග කර ඇත.එම මුදල බාර ගෙන ඇත්තේ මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනියුක්තව සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කරන ලද ජී.ජේ.සුසිල් පුෂ්පකුමාර නම් අයෙකු විසිනි.
තවද ජලය ලබා ගැනීම සදහා ලියාපදිංචි වූ සාමාජිකයින් 160 දෙනෙකුගෙන් රුපියල් 25,000 ක මුදලක් මූලිකව එකතු කර ඇති අතර,ජල සම්බන්ධතාවය ලබා දීම සදහා රුපියල් 3600 ක මුදලක්ද ජල සමිතියේ නිලධාරීන් විසින් අය කරගෙන ඇත.
පෙර සදහන් කර ඇති ආකාරයට මුදල් ලැබුනත් 2018 මැයි මස 14 වැනිදා මෙම ජල යෝජනා ක්‍රමය විවෘත කර ජනතා අයිතියට පත් කර ඇත්තේ වෙනත්ම පිරිසකට උප්පැන්න සහතික ලබා දෙමිනි.ඒ බව ජල යෝජනා ක්‍රමය විවෘත කිරීම නිමිත්තෙන් ස්ථාපනය කර ඇති සිහිවටන පුවරුවේ සදහන් වේ.
මාදම්පේ – උතුරු මහගම පිහිටි මෙම ජල යෝජනා ක්‍රමය 2016 ජනවාරි මස 09 වැනිදා අංක DNCWS/NW/PU/117 යටතේ ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ “නෙතු දිය දහර ජල යෝජනා ක්‍රමය” ලෙස ලියාපදිංචි කර ඇත.මෙම ජල යෝජනා ක්‍රමයම 2018 වසරේදී අංක DNCWS/NW/PU/216 යටතේ “ශක්ති ප්‍රජා මූල සංවිධානය ” ලෙස ජාතික ප්‍රජා ජල සැපයුම දෙපාර්තමේන්තුව තුළම නැවත ලියාපදිංචි කිරීමට කටයුතු කර ඇත.ඒ අනුව වර්තමානය වන විට මෙම ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන්නේ “ශක්ති ප්‍රජා මූල සංවිධානය” යනුවෙනි.
ජලය ලබා ගැනීම වෙනුවෙන් මෙම ප්‍රජා මූල සංවිධානය විසින් තම පාරිභෝගිකයින්ට නිකුත් කර ඇති බිල් පත් සම්බන්ධයෙන්ද ගැටළුවක් දක්නට ඇත.ජල පාරිභෝගිකයින්ට නිකුත් කර ඇති බොහෝබිල් පත් වල අඩුම තරමින් නිල මුද්‍රාවක් නොමැති බවක් අප විසින් කරන ලද සෙයා බැලීමේදී අනාවරණය විය.
උතුරු මහගම ශක්ති ප්‍රජා මූල සංවිධානය විසින් පවත්වා ගෙන යන ජල යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිළකට අනුව ආණමඩුවේ පිහිටි ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය විසින්ද විමර්ශණයක් සිදු කර ඇත.
මහගම පුලියන්කාර විහාරස්ථානයට ජලය ලබා දීම සදහා නල එළීමෙන් අනතුරුව ට්‍රැක්ටරයක් යොදා ගෙන කාණු පද්ධතිය වසා දැමීම සිදු කර ඇත.ඒ සදහා කේ.ඒ.වික්‍රමසිංහ නම් අයෙකුට රුපියල් 31,500 ක මුදලක් ගෙවා ඇති බවට ශක්ති ජල යෝජනා ක්‍රමයේ ලේඛණ වල සටහන් කර ඇත.නමුත් කේ.ඒ.වික්‍රමසිංහ යන අය ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ විමර්ශණ නිලධාරීන්ට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත්තේ අදාල කටයුත්ත සදහා තමන් විසින් ලබා ගෙන ඇත්තේ රුපියල් 7500 ක මුදලක් පමණක් බවය. එමෙන්ම මුදල් බාර ගැනීම වෙනුවෙන් නිකුත් කර ඇති වව්චර් පතේ ඇති අස්සන තමන්ගේ නොවන බවද වික්‍රමසිංහ යන අය
විමර්ශණ නිලධාරීන් හමුවේ පවසා ඇත.
එම කාලවකවානුවේ උතුරු මහගම සංවර්ධන නිලධාරිවරයා ලෙස කටයුතු කර ඇති ජී.ජේ.සුසිල් ප්‍රෂ්පකුමාර යන අය විසින් සිදු කර ඇති මුල්‍ය වංචා කීපයක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් මාදම්පේ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත පැමිණිළි කර ඇත.එම පැමිණිළි විභාගය සදහා අදාල සංවර්ධන නිලධාරීවරයා උතුරු මහගම සිට මාදම්පේ දක්වා ගමන් කිරීම සදහා රුපියල් 10,000 ක මුදලක් ලබා දුන් බව ශක්ති ප්‍රජා මූල සංවිධානයේ වැය ලේඛණ වල සටහන් කර ඇත.තමන් අනියුක්ත කර ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යාම සදහා රුපියල්
10,000 ක මුදලක් සංවර්ධන නිලධාරියෙකු වෙනුවෙන් වැය කිරීම සම්බන්ධයෙන්ද ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ විමර්ශණ නිලධාරීන් විසින් නිකුත් කර ඇති වාර්තාවේ විමතිය දක්වමින් සදහන් කර ඇත.
මේ ආකාරයට සිදුවී ඇති බව කියන තවත් මුල්‍ය අක්‍රමිකතා කීපයක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීමට මෙම ලියුම්කරුට හැකි විය.
සිදුවී ඇති බව කියන මුල්‍ය වංචාවන් සම්බන්ධයෙන් උතුරු මහගම ශක්ති ප්‍රජා මූල සංවිධානයේ නිලධාරීන්ගෙන් අප විමසා සිටියේය.පසුගිය කාලය තුළ තම සමිතියේ නිලධාරීන් ලෙස කටයුතු කර ඇති අයළුවන් විධිමත් ලෙස වාර්තා ඇතුළු ලේඛණ ආපසු බාර දී නොමැති බැවින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ නොහැකි බව ඔවුන් කියා සිටියේය.
කෙසේ වෙතත් ශක්ති ප්‍රජා මූල සංවිධානය විසින් අවසන් වරට (2021 මාර්තු මස 31 වැනිදා) නිකුත් කර ඇති අය වැය වාර්තාවට අනුව තම එම සංවිධානයේ බැංකුව සතුව ඇති මුදල රුපියල් 64,282 කි.
මහා පරිමාණ මුල්‍ය වංචාවක් උතුරු මහගම ශක්ති ප්‍රජා මූල සංවිධානය තුළ සිදුවී ඇති බවට වන පැමිණිළි හලාවත කොට්ඨාස වංචා විමර්ශණ අංශය විසින් සිදු කරන අතර තුර එහි එක් වගඋත්තරකරුවෙකු වන එවකට එම ප්‍රදේශයේ සංවර්ධන නිලධාරියා ලෙස කටයුතු කළ අය රාජකාරි නිවාඩුද නොලබා කිසිදු අවසරයකින් තොරව මීට මාස 06 කට පමණ පෙර විදේශ ගත වී ඇති බවද අප විසින් කරන ලද සොයා බැලීමකදී අනාවරණය විය.
සටහන හා ඡායාරූප :- ජුඩ් සමන්ත
Leave a comment