
තිස්සමහාරාම නගරය ට පිවිසෙන ඕනෑම කෙනෙක් අනිවාර්යයෙන් ම ස්වභාවධර්මයේ අසිරියේ උපරිම නිර්මාණය ක් වන තිස්සමහාරාම වැව නැරඹීමට අමතක නොකරයී. තිස්ස වැවේ වැව් තාවුල්ලේ රසම රස වඩේ කෑමට ගන්න කුඩා දරුවන් ගේ සිට වැඩිහිටියා දක්වා ප්‍රිය කරයි.බොහෝ පිරිසක් එම දේ තම ජීවනෝපාය කරමින් ජීවත් වෙයි. තිස්සමහාරාම වැව් තාවුල්ල මාර්ගය මීට පෙර ඉතාමත් පටුව පැවතුණි ද පසුව එය පුළුල් කරමින් නිර්මාණය කරන්නට වූයේ තිස්ස වැවේ ජංගම වෙළෙඳ ප්‍රජාවට නිසි ස්ථානයක් සහ තිස්සමහාරාම වැව නැරඹීමට පැමිණෙන පිරිසට සංචාරාක විවේකාංගයක් නිර්මාණය කරමිණි. මෙය ඉතාමත් සාර්ථක යෝජනාවක් වූවද මෙය සැලසුම් කිරීමේ දී මතු වූ ගැටලු දැන් දැන් පැහැදිලි ව පෙනී යයි.

වෙළෙඳ ප්‍රජාවගේ වෙළෙඳ කටයුතු සඳහ කඩ කාමර සහිතව මෙම විවේකාංගයේ ගොඩනැගිල්ලක් ඉදි කරද එහි කඩ කාමර නිර්මාණය කර ඇති ක්‍රමවේදය වනුයේ කොටසක් තිස්සමහාරාම වැවට මුහුණලා සහ කොටසක් එයට අනිත් පසට වැවට පසුපසලා ඉදි කර තිබීමයි.එම නිසා මේ වන විට පසුපසලා ඉදි කර කඩ කාමර බහුතරයක් භාවිතා නොකරයී. එයට හේතුව කිසිදු වාහනයක් නැවැත්වීමට නොහැකි පරිදි විශේෂ ස්මාරකය ක් සහ වාරිමාර්ග පරීශ්‍රයක් එහි පැවතීමයී. වෙළෙඳ ප්‍රජාව පැවසුයේ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවෙන් මෙයට රුපියල් 1500 ක බදු මුදලක් අය කෙරුණිද දිනකට රුපියල් 500 ක වත් අලෙවියක් තමන්ට නොවන බවයි.

වැවට පසුපසලා ඉදි කෙරුණු කඩ කාමර එලෙස වසා තිබියදී අනෙකුත් කඩ කාමර අලෙවි කටයුතු සිදු කරයි.නමුත් ඔවුන්ගේ ව්‍යාපාර වලට ද ආදායමක් නොමැති බව ඔවුහූ පවසති. එයට කාරණය වනුයේ,මෙම විවේකාංගනය තුල සංචාරකයින් සඳහා වාහන නැවැත්වීමට ඉඩ පහසුකම් සලසා දුන්නද, එම ඉඩ කඩෙහි සංචාරක ප්‍රවාහන කුලී කැබ් රථ නවතා තැබීමට කටයුතු කර ඇති නිසා, සංචාරකයින් මාරගය දෙපස සහ තිස්සමහාරාම වැව් තාවුල්ලේ වාහන නැවත්වීමට කටයුතු සිදු කරන බවයි. මෙම වෙළෙඳ සැලට පැමිනෙනුයේ වැසිකිළි අවශ්‍යතාවක් වූවොත් පමණක් බව වෙළෙඳ ප්‍රජාව පවසති. ඒ මෙම අංගනය සදහා වැසිකිළි පද්ධතියක් ද ක්‍රමවත්ව ඉදිකර ඇති නිසාවෙනි.
මෙම ව්‍යාපෘතිය ඉදි කර ඇත්තේ ශ්‍රී ලංකා සංචාරක අධිකාරියේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මැදිහත් වීමෙනි. මේ සඳහා වැය වූ මුදල රුපියල් ලක්ෂ 175 කි. මෙය 2016 වසරේ දී වැඩ ඉදිකිරීමට ආරම්භ කරද සංවර්ධන කටයුතු අවසන් වූ පසු මෙය විවෘත කිරීම සිදු කර ඇත්තේ එවකට තිස්සමහාරාම ප්‍රදේශය නියෝජනය කර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසිනි. එය විවෘත කිරීමේ දී ද ඔහු ලබා දී ඇති පොරොන්දු ව වී ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අදාල භූමියෙ කොටසක් ලබා දී මෙම ගැටලුව විසඳීමට කටයුතු කරන බවයි. නමුත් තවමත් එය කඩවුණු පොරොන්දුවකි.
තවද වෙළෙඳ ප්‍රජාව සඳහන් කරන ලද්දේ මෙම වෙළදසැල් නිසි ප්‍රමිතියකින් තොරව ඉදි කර ඇති නිසා වර්ශාව වේලාවට ඔවුන්ගේ වෙළෙඳ භාණ්ඩ වැසි ජලයට හසු වන බවයී. එමෙන් ම මෙම කඩ කාමරය වෙළෙඳ කටයුතු සඳහා ඉඩ කඩ මදි බව ද ඔවුහු සඳහන් කළහ.

සියලුම රථ වාහන මෙම අංගනයේ නැවතීම තුල පාර අවහිර වීම සහ මාර්ග අනතුරු ද අවම වන බව ජනතාව අප සමග පැවසීය. එය පොලීසියේ නිළදාරීන් හෝ මැදිහත් වීමෙන් හෝ සිදු කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.
රජයේ ව්‍යාපෘති සිදු කිරීමේදී දේශපාලන අධිකාරිය මැදිහත් වූවද රජයේ නිළදාරීන් ට මේ සඳහා විශේෂිත නියාමනයක් සහ කළමනාකරණ කටයුත්තක් සිදු කර යුතු බව මෙහිදී පැහැදිලි වේ.බොහෝ විට නිවැරදිව සැළසුමි කිරීමක් නොමැති වීම නිසා මෙලෙස විනාශ වී යන්නේ මහජනතාවගේ බදු මුදල් වේ. මෙම ව්‍යාපෘතිය සාර්ථක වූයේ නම් මෙයින් සැලකිය යුතු වරිපනම් මුදලක් ප්‍රාදේශීය සභාවට එකතු වෙන අතරම මෙයට වියදම් කල මහජන බදු මුදලටද සාධාරණයක් ඉටු වන ලෙස සාර්ථක ව්‍යාපෘතියක් බවට පත් වේ.
ඒ සදහා ද වෙළද ප්‍රජාවගේ යෝජනාවක් ද වේ . එය නම් මෙහි නවතා තබන සංචාරක කුළී කැබි රථ සදහා නිසි ස්ථානයක් සාදා දී ක්‍රමවත්ව ඔවුන් ව බැහැර කරන ලෙස හා පැමිණෙන සංචාරකයින්ගේ වාහන නැවැත්වීමට වාරිමාර්ග භූමියෙන් කොටසක් සුදානම් කර දෙන ලෙසයි.

Leave a comment