Bribery

කසල වලින් මුදල් මවන කුලියාපිටිය නගර සභාව

ශ්‍රී ලංකාව තවමත් කසල කළමණාකරනය නිවැරදිව සිදුකිරීමට යොමුවී නොමැත . එලෙස යොමු නොවීමේ වරද ජනතාව සහ පාලකයන් යන දෙකොට්ඨාශයටම අදාල වන අතර නිවැරදි කසල කළමණාකරනයකට යොමුවන්නේනම් කසල යනු මහා ගැටළුවන් නොව ආදායම් උපයන සම්පතක් කරගැනීමට හැකිවේ.
විශේෂයෙන්ම ශ්‍රීලංකාවේ තෙත්බිම් ආශ්‍රිතව , ජලාශ ආශ්‍රිතව වැඩිවශයෙන් කසල බැහැර කිරීම් දක්නට ලැබෙන අතර මේවනවිට ලංකාව පුරා කසල කදු 200 වැඩි ප්‍රමාණයක් නිර්මාණය වී තිබේ. මෙම කසල කදු අවසන් කරනවා වෙනුවට දවසින් දවස එම කසල කදු වර්ධනය වීම දක්නට ලැබීම කණගාටුවට කරුණකි.

නිවැරදි කසල කළමණාකරන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේනම් මෙම ප්‍රශ්නය සැබැවින්ම විසදාගැනීමට පහසු ප්‍රශ්නයකි. කසල ආදායමක් බවට පත්කරගනිමින් එයින් ලාබ ලබන රටවල් රැසක් ලෝකයේ ඇත. එම රටවල් ආදර්ශයට ගනිමින් ශ්‍රී ලංකාවද මේවනවිට  ව්‍යාපෘති කිහිපයක් සිදුකර ඇති අතර ඒවායින් ඇතැම් ඒවා සාර්ථක වී තිබේ.

කුලියපිටිය නගර සභාව ද ඒ අතරින් එක් ව්‍යාපෘතියකි.  එම නගර සභාව කසල කළමණාකරනය ව්‍යපෘතියක් දීර්ඝ කාලයක් පුරාවට සාර්ථකව සිදුකරමින් පවති.

කුලියාපිටිය නගර සභාවට අයත් මීගහකොටුව වසමේ කනදුල්ල ප්‍රදේශයේ අක්කර 06 ක පමණ භුමි ප්‍රමාණයක පරිසර සංරක්ෂණ සහ කාබනික පොහොර මධ්‍යස්ථානය නමින් මෙම කසල කළමණාකරන ව්‍යාපෘතිය 2009 වර්ෂයේදී ආරම්භකර ඇත.

 කුලියාපිටිය නගර බල ප්‍රදේශය ආවරණය වන පරිදි ප්‍රදේශයේ එකතුවන කසල යොදාගනිමින් මෙම ව්‍යෘපාතිය සිදුකරන අතර මේවනවිට දෛනික කසල එකතුකිරීම කාලසටහනකට අනුව සිදුකිරීම විශේෂත්වයකි. ආරම්භයේදී මෙන් නොව මේ වනවිට කසල එක් කිරීමේදී කසල වර්ගීකරණය කර ලබාගැනීමට කුලියාපිටිය නගර සභාව කටයුතු කරන අතර පොදු ස්ථානවල කසල බැහැර කිරීමට වර්ගීකරණය කරන ලද කසල බඳුන් තබා තිබීම ද විශෙෂත්වයකි. එමගින් නගරයේ තැනින් තැන කසල විසිකිරීම වළැක්වීමට එය සාර්ථක පිළියමක් වී තිබේ.

කුලියාපිටිය නගර සීමා බල ප්‍රදේශය තුළ ජනනය වන කසල ප්‍රමාණය වාර්ෂික වැඩිවීමක් පෙන්නුම්කරන අතර එසේ උවද මෙම කළමණාකරණ මධ්‍යස්ථානය මගින් සාර්ථකව කසල කළමණාකරනය කරගැනීමට හැකිවී ඇතැයි නගර සභාව සඳහන් කළේය. පසුගිය වර්ෂ වල ජනනය වී ඇති කසල ප්‍රමාණය  (ටෙන් වලින් ) මෙසේය

වර්ෂය201920202021
දිරන කසල4.95.5055.505
ප්ලාස්ටික්0.05220.03360.0336
කඩදාසි0.44560.3890.389
වීදුරු0.03220.03100.0310
වෙනත්1.570.9630.963

කසල එකතුකිරීමේ දත්ත වලට අනුව කුලියාපිටිය නගර සභා බල ප්‍රදේශය තුළ දෛනිකව දිරන කසල මෙට්‍රික්ටොන් 5.5 ක් පමණ සහ නොදිරන කසල මෙට්‍රික් ටොන් 1.41 පමණ මේවනවිට එකතුවන බව නගර සභාව සඳහන් කරයි. වර්ෂ කිහිපයක කසල එකතුවී ඇති ප්‍රමාණය එකම අගයක් ගෙන ඇත්තේ මන්ද යනන පිළිබඳව විමසීමේදී නගර සභාව සඳහන් කළේ කසල එක්වන ප්‍රමාණය එලෙස වී ඇති බවයි.

 මෙලෙස එකතුවන කසල වලින් වෙන්කිරීමෙන් පසුව දිරන කසල මෙම කසල කළමණාකරන මධ්‍යස්ථානය යටතේ කොම්පොස් පොහොර නිෂ්පාදන ක්‍රියාවලියට යොමුකරන අතර එමගින් කොම්පෝස්ට් පොහොර නිපදවීම සිදුකරයි. මෙලෙස නිපදවන පොහොර ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය මගින් තත්ව පරීක්ෂාවට ලක්කරන අතර පසුව සාධාරණ මිල ගණන් යටතේ ජනතාවට අලෙවි කිරීම කරන බවද නගර සභාව සඳහන් කළේය. ඒ අනුව මේවනවිට කොම්පෝස්ට් පොහොර කිලෝග්රූම් එකක් රුපියල් 15 ට නගර සභාව විසින් අලෙවි කරයි.

මෙලෙස පොහොර අලෙවිකිරීම හරහා ද නගර සභාවට ආදායම් උත්පාදන මාර්ගයක් නිර්මාණය වී ඇති බව නගර සභාවේ ලේකම්වරයා සඳහන් කළේය. ඒ අනුව පොහොර අලෙවි කිරීමෙන් 2018 වර්ෂයේ රුපියල් 443720.00 ක් , 2019 වර්ෂයේ 909130.00 ක මුදලක්ද ලබාගෙන ඇත.  2020 වර්ෂයේ 1874000.00 මුදලක්ද එමෙන්ම 2021 වර්ෂයේ 1845600.00 ක මුදලක් ද ලබාගැනීමට නගර සභාවට හැකියාව ලැබී ඇත.

මේ අතර නගර සභා බල ප්‍රදේශය තුළ ඉවත දමන ප්ලාස්ටික් බෝතල් දැමීම සඳහා පමණක් ස්ථාන 14 ක වෙනම බදුන් තබා ඇති අතර නොදිරන කසල ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමුකිරීමද නගර සභාව මගින් සිදුකරයි. ඒ අනුව ප්‍රතිචක්‍රීකරණ ද්‍රව්‍ය විකිණීම හරහා 2019 වර්ෂයේ රුපියල් 45300.00 ක ආදායමක් , 2020 වර්ෂයේ රුපියල් 50250.00 ක ආදායමක් මෙන්ම 2021 වර්ෂයේ  173035.00 ක ආදායමක් නගර සභාව ලබාගෙන තිබේ.

නොදිරන පොලිතින් පුත්තලම සිමෙන්ති කම්හලට යොමුකර විනාශ කිරීම සිදුකරන අතර 2020 වර්ෂයේදී පොලිතින් කිලෝග්රූම් 30240 ක් 2021 වර්ෂයේ පොලිතින් කිලෝග්රූම් 77160 ක් ඒ වෙත යොමුකර ඇත.

නගර තුළ කසල කළමණාකරනය මනාව සිදුකිරීම මෙන්ම කසල කළමණාකරන මධ්‍යස්ථානය නිසි පරිදි පත්වාගෙන යාම හේතුවෙන කුලියාපිටිය නගර සභාව සම්මානයට පාත්‍රවී ඇති අතර 2016 වසරේදී හොදම ඝන අපද්‍රව්‍ය කළමණාකරන ව්‍යාපෘතියට හිමි සම්මානය , 2016  ජනාධිපති පරිසර සම්මාන රීදි සම්මානය ,  2017 වර්ෂයේ සහ 2018 වර්ෂයේ හොදම ඝන අපද්‍රව්‍ය කළමණාකරණ ව්‍යාපෘතිය සඳහා වන පළමු ස්ථානය හිමිකර ගැනීමටද කුලියාපිටිය නගර සභාව සමත්ව ඇත. 2019 වර්ෂයේ ජනාධිපති පරිසර සම්මාන රීදී සම්මානය ද කුලියාපිටින නගර සභාව හිමිකරගෙන තිබේ.

ඝනඅපද්‍රව්‍ය කළමණාකරන මධ්‍යස්ථානයේ සිදුකරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් නගර සභාවේ සභාපති ඒ.එම් ලක්ෂ්මන් අධිකාරී මහතා සහ නාගරික ලේකම් එච්.එම්.පී.කේ හේරත් මහතා ප්‍රමුඛ වැඩ අධිකාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක , ඝන අපද්‍රව්‍ය කළමණාකරන නිලධාරී ඇතුළු කණ්ඩායමේ දිනපතා අධික්ෂණයට ලක්වේ. එමෙන්ම මෙම කසල කළමණාකරන ව්‍යාපෘතිය පළාත්පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ , ජාතික ඝන අපද්‍රව්‍ය කළමණාකරණ සහායක මධ්‍යස්ථානයේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙරට කසල සම්බන්ධ වගකීම නීතිමගින්ම පළාත් පාලන ආයතන වෙත පවරා තිබුණද නිසිඅයුරින් කසල කළමණාකරණය වීම් සිදුවන්නේ ඉතා අල්ප වශයෙනි. ඒබැවින් මෙවැනි සාර්ථක ව්‍යාපෘති ආදර්ශයට ගනිමින්  කසල බැහැර කිරීමට නිවැරදි ජාතික ප්‍රතිපත්ති හදුන්වාදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මෙන්ම කසල බැහැර කිරීම නිසිපරදි  සිදුකිරීමට නිතිරීති හදුන්වාදීමත් යුගයේ අවශ්‍යතාවයක් වී තිබේ . මහජන මුදල් නිසිලෙස භාවිත කරමින් ඔවුන්ගේ ප්‍රශ්නවලට විසදුම් ලබාදීමට මෙන්ම අනාගතය සඳහා පරිසරය රැකගැනීමට කසල කදු නැතිකිරීමට මෙවැනි ව්‍යෘපෘති තවතවත් සාර්ථකව දියත් කිරීමේ කාලය එළැඹ ඇත.

චාමර සම්පත්

Written by
Chamara Sampath

He has been working as a journalist for the Wijeya Newspapers Ltd by writing for the newspaper, 'Ada' and many others. He is well experienced in both news and features, while he has been simultaneously reporting news as a Parliament Journalist for numerous years. Moreover, Sampath has been constantly producing both news and feature stories by utilizing the Right to Information, in addition to his contribution as a resource person in public awareness programs related to the Right to Information Act. His activism as a journalist is further manifested as he has been the chairperson of the Young Journalists' Association. Also, Sampath has held the position of an executive board member in the Working Journalists' Association. He has acquired his university education in Mass Media, and further, he has read for the postgraduate in the field of Human Rights.

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles

Bribery

X-Press Pearl කරපු විනාශය සම්බන්ධයෙන් TISL සහ CEJ නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට.

එක්ප්‍රස් පර්ල් නෞකාව මෙරට මුහුදු සීමාවේදී ගිනි ගෙන මුහුදු බත්වීමේ සිද්ධිය හා...

Bribery

200மில்லியன் ரூபாவுக்கும் அதிகமான நிதி எங்கே?

200மில்லியன் ரூபாவுக்கும்அதிகமான நிதி எங்கே? ‘மஹபொல நம்பிக்கை நிதியம் மௌனம்: பொருளாதார நெருக்கடியால் மஹாபொல ஊக்கத்தொகை...

Bribery

அசமந்தத்தால் வருமானத்தை இழந்தது வவுனியா நகரசபை : நிலுவைத்தொகை கோடிகளை தாண்டியது

பாலநாதன் சதீஸ் வவுனியா நகரசபையினர் சரியான முறையில் சொத்துக்களை மீள் மதிப்பீடு செய்து அதன் பெறுமதி...

Bribery

உள்ளூராட்சி மன்ற தேர்தலும் பெண்களது வகிபாகமும்

கேஷாயினி  இலங்கையின் அரசியல் செயற்பாடுகளில் பெண்களது வகிபாகமானது உலகளாவிய ரீதியில் ஒப்பீட்டளவில் ஓரளவாக காணப்படுகின்ற போதிலும்,...