ජනයාගේ උපතේ සිට මරණය දක්වා සිය`ථම කර්තව්‍යයන ් ඉටු කිරීමට සැදී පැහැදී ඉන්නා ආයතනයක් ලෙසට පළාත් පාලන ආයතන නම් දරය ි’ ජනතාවගේ බදු මුදලින් මෙන්ම වරිපන්ම” කඩ කුල ී ආදී විවිධ ආදායම්
ඔස්සේ ආයතනයේ වත්කම් තර කර ගනිමින් තම පළාත් පාලන බල ප‍්‍රදේශයේ ජනයාගේ යටිතල පහසුකම් සංවර්ධනයේ ප‍්‍රමුඛයෙක් ලෙසටත ්පළාත් පාලන ආයතනය කටයුතු කරයි’ මෙවන් වටපිටාවක් තුලදී තම
ආයතනයට ලැබෙන්නට තිබුණු විශාල ආදායමක ් අහිමි කිරීමට අදාලව ආයතනයේ පාලකයින් කටයුතු කිරීම කෙතරම් නම් ශෝචනීය තත ්වයක්ද?
බණ්ඩාරවෙළ මහ නගර සභාව පසුගිය 2020 වසරේදී තම ආයතනයට ලැබිය යුතු විශාල මුදලක් අහිමිකරගෙන තිබේ’ ඔවුන් සිතා මතා තම හිතවතුන්ට සහයෝගය ලබාදීමේ අරමුණ ඇතිව එම කටයුත්ත ඉටුකර ඇති ආකාරය
ජාතික විගණන කාර්යාලය මගින් කරන ලද විගණන විමසුමෙන් මනාව ඔප්පු වී තිබේ
ජාතික විගණන කාර්යාලය මගින් යූවීපී/බීඞී/ඊ/එම්/සී/බී/ඩබ් 2020/07 අංක
යටතේ නාගරික කොමසාරිස ් බණ්ඩාරවෙළ මහා නගර සභාව වෙත නිකුත ්
කර ඇති විගණන විමසුමට අනුව 2020 වර්ෂය සඳහා බණ්ඩාරවෙළ මහා
නගර සභාව සතු තොග පොළ හා සිල්ලර පොළ බදු ගාස්තු අය කිරීමේ
අයිතිය පැවරීමේදී වැඩිම ටෙන්ඩරය පිළි නොගැනීම හේතුවෙන් සභා
අරමුදලට රුපියල් අසූ දෙලක්ෂ අනූ දහසක (8”290”000’00* පාඩුවක් සිදුව
ඇති බව පෙන්වා දෙය
එම විගණන විමසුමට අනුව
බණ්ඩාරවෙළ මහා නගර සභාව සතු තොග පොළ හා සිල්ලර පොළ ගාස්තු අයකිරීමට 2020 වර්ෂය සඳහා බදු දීමට 2019 ඔක්තො ්බර් 11 වන දින පුවත්පත් දැන්වීම් පලකර තිබුණු අතර” තොග පොළ ගාස්තු අයකිරීමේ අවම ලංසුව රු’ 6”000”000’00ක් ලෙස හා සිල්ලර පොළ ගාස්තු අයකිරීමේ අවම ලංසුව රු’4”000”000’00ක් ලෙස එහි දක්වා තිබේ
2019 ඔක්තෝබර් 11 වන දින පළකල ප‍්‍රසම්පාදන දැන්වීමේ තොග පොළ හා සිල්ලර පොළ සඳහා වූ ලංසු වටිනාකම් සාධාරණ හේතු නොමැතිව තොග පොළ සඳහා රු’ 3”500”000’00ක් ලෙස හා සිල්ලර පොළ සඳහා
රු’ 3”500”000’00ක් ලෙස සංශෝධනය කරමින් නැවත පුවත්පත ් දැන්වීමක් 2019 දෙසැම්බර් 21 දින පලකර තිබුණි’ එහිදී ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග‍්‍රහයේ 6ී2’2 අනුව ලංසු කැඳවීමේ කාලය දින 21ක් විය යුතු වුවද” ලංස ු කැඳවීමේ කාලය 2019 දෙසැම්බර් 21 දින සිට 2019 දෙසැම්බර් 27 දින දක්වා
දින 06ක් පමණක් වී තිබුණු බව නිරීක්ෂණය වී තිබේ’
එමෙන්ම සිල්ලර පොළ හා තොග පොළ ගාස්තු අයකිරීමේ අයිතිය බදුදීම සම්බන්ධව පළමු දැන්වීම සංශෝධනය කරමින් නැවත පුවත්පත ් දැන්වීම් පළ කිරීම වෙනුවෙන් සභාවට රු’ 27”000’00ක් වියදමක්ද දැරීමට සිදුව තිබේ’
සාර්ථක ප ්‍රසම්පාදනකරුගේ විශ්වසනීයත්වය තහවුරු කර ගැනීම සඳහා බදු අයිතිය පැවරීම පළමුව පෙර වර්ෂවල පරිදිම ප‍්‍රසම්පාදන මුදලින් සියයට 25ක් 2019 දෙසැම්බර් 31 දිනට පෙර තැන්පත් කල යුතු බව ප‍්‍රසම්පාදන උපදෙස්වල අංක 9 වගන ්තියෙහි දක්වා තිබියදී ප‍්‍රසම්පාදන ඉල ්ලූම්පත‍්‍රය සම`ග අයදුම්කරුවන්ට උපදෙස් යටතේ ලංසුකරුට රු’ 3”500”000’00 කට නොඅඩු වත්කමක් ඇති බවට ප‍්‍රාදේශීය ලේකම්ගෙන් ලබාගත් වත්කම් සහතිකයක මුල් ලේඛණයක් ඉදිරිපත් කිරීම අවශ්‍ය බවට දක්වා තිබීමෙන ්
සාර්ථක ලංසු කරුවෙකු තෝරාගැනීමේ හැකියාව ස ීමාකර තිබූ බවද නිරීක්ෂණයවී තිබේ’
තවද ලංසුකරුවන් විසින් අනිවාර්යයෙන් ඉදිරිපත්කල යුතු බවට දක්වා තිබුණු පදිංචිය තහවුරු කිරීමේ ග‍්‍රාම සේවා සහතිකය හා ප‍්‍රාදේශීය ලේකම්වරයාගෙන් ලබාගත යුතු වත්කම් සහතිකය ලබා ගැනීමට
ලංසුකරුවන්ට ලැබී තිබුණු කාලය වැඩකරන දින 03ක් පමණක් වූ අතර ඔවුන්ට ලේඛණ ඉදිරිපත් කිරීම සඳහා සභාව සාධාරණ කාලයක් ලබාදී නොතිබුණු බවත් ටෙන්ඩර් දැන්වීමට අවශ්‍ය සිය`ථම කරුණු ප‍්‍රසම්පාදන
දැන්වීමේ ඇතුලත් කල යුතු වුවද” එසේ නොකර ප‍්‍රසම්පාදන දැන්වීමට අදාල වැදගත් කරුණු පස ුව එක් එක් ලංසුකරුවන් වෙත දැන්වීම නීතිඥාණුකූල නොවන බවද විගණන විමසුමේ සඳහන්’
ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග‍්‍රහය සමග පරිහරණය කලයුතු ප‍්‍රසම්පාදන අත්පොතට අනුව ටෙන්ඩර් මණ ්ඩලය සඳහා භාහිර පුද්ගලයෙකු පත්කර ගත යුතු වුවද” එසේ නොකල බවද විමර්ශණයවී තිබේ
මහා නගර සභා ආඥා පනතේ 229(ඇ* වගන්තියට අනුව ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය අනුව තෝරාගනු ලබන ටෙන්ඩර්කරුවන් පිළිබඳ අනුමැතිය මහා සභාවෙන් ලබා ගැනීමෙන් පස ුව නාගරික කොමසාරිස ් විසින ්
ගිවිසුම් අත්සන් කල යුතු වුවද 2019 දෙසැම්බර් 27 වන දින තෝරාගත ්ටෙ න්ඩර්කරුවන් සඳහා සභාවේ අනුමැතිය ලබාගැනීමෙන් තොරව නාගරික කොමසාරිස් විසින් 2020 ජනවාරි 01 දින තොග පොළ හා සිල්ලර පොළ බදුකරුවන් සම`ග නීත්‍යානුකූල නොවන ලෙස ගිවිසුම්ගතවී පොල බදු අයකිරීමට අවස්ථාව සකස ් කර දී තිබුණි’
ප‍්‍රසම්පාදන දැන්වීම් අනුව තෝරාගන්නා ලද ලංස ුකරුවන් ප‍්‍රසම්පාදන මුදලින ්සියයට 25ක් සුරක්ෂිතයක් ලෙස තැන්පත් කල යුතු බව ප‍්‍රසම්පාදන දැන්වීමේ දක්වා තිබියදී වත්කම් සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීම මගින් ඉහළ ලංසු ඉදිරිපත් කල පුද්ගලයන්ට හිමිවන අවස්ථාව අවම ක ිරීමටද කටයුතු කර තිබේ
ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග‍්‍රහයේ 1’4’1” 1’4’2 හා 1’4’3 අනුව ප‍්‍රසම්පාදන කමිටුව හෝ සභාව ප‍්‍රසම්පාදන කාර්යය පිළිබඳ රහස්‍යභාවය කල යුතුයී නමුත් තොගපොළ සම්බන්ධව වත්කම් සහතිකය ඉදිරිපත් කර තොගපොල ටෙන්ඩරය ලබාගත් ඒ’එම්’ ධර්මදාස හා සිල්ලරපොල සම්බන්ධව වත්කම්
සහතිකය ඉදිරිපත් කර ටෙන්ඩරය ලබාගත් ඒ’එම්’ අනුරුද්ධ ප‍්‍රභාත්න න්දකුමාර යන අය ඔවුන්ගේ වත්කම් සහතිකය ලබා ගැනීම සඳහා ප‍්‍රාදේශීය ලේකම් වෙත ඉල්ලූම්පත‍්‍ර ඉදිරිපත් කර තිබුණේ පිළිවෙලින් 2019
දෙසැම්බර් 19 හා 2019 දෙසැම්බර් 20 යන දිනයන් වලදීය’ එනම් දෙවන සංශෝධිත ලංසු කැඳවීමේ පුවත්පත ් නිවේදනය පළකර තිබුණු 2019 දෙසැම්බර් මස 21 වන දිනට පෙරය’ ඒ අනුව ටෙන්ඩරය ලබාගත් අය
ටෙන්ඩර් පුවත්පත් දැන්වීම පළ කිරීමට හා ලංසු ඉල ්ලූම්පත‍්‍ර ලබා ගැනීමට පෙර වත්කම් සහතිකයේ අවශ්‍යතාවය පිළිබඳ දැනුවත්වී ඇති අතර” ඒ අනුව ප‍්‍රසම්පාදන ආචාරධර්ම කඩවී තිබුණි’
ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග‍්‍රහයේ 1’2 හා 2’5 වගන්ති අනුව ප‍්‍රසම්පාදන කමිටුව කටයුතුකර ලංසුකරුවන් ඇගයීමේ හා තෝරාගැනීමේ කාර්යභාරයේ විනිවිදභාවය හා නිත්‍යභාවය පිළිබඳ සහතික විය යුතුව තිබුණද තොගපොල බදු ලබාගැනීම සඳහා ලැබී තිබුණු රු’ 9”500”000’00 ක්වූ වැඩිම ලංසුව”
ලංසුකරු ග‍්‍රාමසේවා සහතිකය අමුණා නොතිබීම මත ප‍්‍රතික ්ෂේප කර තිබුණු අතර” 2019 දෙසැම්බර් 30 වන දින එනම්” ලංසු විවෘත කල දිනට පස ු පළමු වැඩකරන දින ඔහු ග‍්‍රාමසේවා සහතිකය ඉදිරිපත් කර තිබුණි’ එමෙන ්ම එම ලංසුව සම`ග ඉදිරිපත්වූ ලංසු අතරින් තවත් වැඩි ලංසු 03ක් තිබියදී
තොගපොල පවත්වාගෙන යාමේ අයිතිය රු’ 4”000”000’00ක මුදලකට වත්කම් සහතිකය ලබාදී තිබුණු එකම ලංසුකරු වන පාලම අසළ” මිරහවත්ත යන ලිපිනයේ පදිංචි ඒීඑම්’ ධර්මදාස යන අයට ලබාදීමෙන් සභාවට රු’
5”500”000’00ක අලාභයක් සිදුව තිබුණු බවටද විගණන විමසුමේ සඳහන්වේ’
වැඩිම ලංසුකරුට ප‍්‍රසම්පාදන මුදලින් සියයට 25ක තැන්පතුවක් පමණක ්ල බාගෙන බදුදීමෙන් උපයාගත හැකිව තිබුණු මුදල රු’ 9”500”000’00ක ි’ ගිවිසුම්වලට එළැඹ තිබුණු ලංසුකරුට බදුදීමෙන් ලැබෙන මුදල
රු’ 4”000”000’00ක
තවද” සිල්ලර පොළ බදු ලබාගැනීම සඳහා ලැබී තිබුණු වැඩි ලංසු දෙකක ්ව ත්කම් සහතිකය ඉදිරිපත් නොක ිරීම මත හා තවත් ලංසු දෙකක් ග‍්‍රාමසේවා සහතිකයේ අඩුපාඩු දක්වමින් ප‍්‍රතික්ෂේප කරමින් වත්කම් සහතිකය
ඉදිරිපත්කර තිබුණු එකම ලංසුකරුගේ රු’ 3”710”000’00ක අවම ලංසුව සඳහා බදු අයිතිය ලබාදීමෙන් සභාවට රු’ 2”790”000’00ක් අලාභයක් සිදුව තිබේ
වැඩිම ලංසුකරුට ප‍්‍රසම්පාදන මුදලින් සියයට 25ක තැන්පතුවක් ලබාගෙන හා ග‍්‍රාමසේවා සහතිකයේ අඩුපාඩු සම්පූර්ණ කර ලබාගෙන බදුදීමෙන ්උපයාගත හැක ිව තිබුණු මුදල රු’ 6”500”000’00කි’
ිවිසුම්වලට එළැඹ තිබුණු ලංසුකරුට බදුදීමෙන් ලැබෙන මුදල රු’ 3”710”000’00ක්
ඒ අනුව බණ්ඩාරවෙළ මහා නගර සභාවට අයත් තොගපොළ හා සිල්ලර පොළ 2020 වසරට බදු ගාස්තු අයකිරීමේ අයිතිය පැවරීමේදී වැඩිම ටෙන්ඩරය පිළිනොගැනීම හේතුවෙන් සභා අරමුදලට සිදුව ඇති පාඩුව රු’
8”290”000’00ක් බව විගණන අධිකාරී(ය ුවීපී/බීඞී/ඊ* සහකාර විගණකාධිපති වෙන ුවට ආර්’එම්’ උබයවංශ මහතාගේ අත්සනින් විගණන විමසුම ඉදිරිපත්කර තිබේ’
2020 වසරේදී සිදුවූ මෙම පාඩ ුව සම්බන්ධයෙන් වගකිව යුත්තෙක් තවමත්හ ඳුනාගෙන නොමැත’ එමෙන්ම සභාවට අහිමිවූ මුදල අයකර ගැනීමටද කිසිදු ආයතනයක ් කටයුතු කර ඇති අයුරක් ද දක්නට නොලැබේ’
එවන්වූ පසුබිමක් තුලදී බණ්ඩාරවෙල මහා නගර සභාවේ ප‍්‍රධාන ආයතනය වන ඌව පළාත් පාලන දෙපාර්තමේන්තුව හරහා 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනතට අනුව අප තවදුරටත් තොරතුරු කිහිපයක්බ ලාපොරොත්ත ුවෙන් 2021’12’15 වන දින අයදුම්පතක් ඉදිරිපත් කලෙමු’
එහි එක් කරුණක් වන්නේ 2020 වසරට අමතරව පෙර වසර වලදී ඉදිරිපත්කෙ රුණු ටෙන්ඩර් වල විස්තර ආදියයි’ එම විස්තරයට අමතරව තවත්තො රතුරු ලබාගැනීමේ බලාපොරොත්ත ුවෙන ් ඉල්ලූම් කරනා ලද තොරතුරු අයදුම්පත බණ්ඩාරවෙළ මහා නගර සභාවේ තොරතුරු නිළධාරියා වෙතට යොමුකොට ඇති බවට යොමු අංක 12/3/9/18 දරණ ලිපියෙන් සඳහන්ක රමින් න ියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස් (ඌව* එස්’පී’ අතුකෝරළ මහතාගේ අත්සනින් යුතුව 2021’12’17 වන දින ලිපියක ් යොමුකොට තිබේී
මෙය හරියට හොරාගේ අම්මාගෙන පේන ඇසුවා වැණි දෙයක්නො වන්නේද? වැරැද්දක් සිදුව ඇති ආයතනය නිවැරදි තොරතුරක් ලබා දෙතැයි සිතිය හැකිද? රාජ්‍ය ආයතන මෙවන්වූ ආකාරයෙන් කටයුතු
කිරීමෙන ් සිදුව ඇති අක‍්‍රමිකතාවයට විසඳුම් ලැබෙතැයි සිතිය හැකිද?
ජයලත් දිසානායක
බදුල්ල
2021’12’19
Leave a comment